Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
 



 
 

සිංහල අකුරු ලිවීම පෙර පාසල් සමයේ සිට ම ඉගැන්වෙයි. එහෙත් එය අපේ අධ්‍යාපන ක්‍රමය තුළ යම් යල්පැනගිය තත්වයක් පෙන්නුම් කරයි. ඉංග්‍රීසියේ දී ද පැරණි ලෙස ම ඉගැන්වෙන නමුත් එහි ලිවීම අද ද ඒ ලෙස ම පවතින නිසා එය යල්පැනගිය තත්වයක් නො වේ. එහෙත් සිංහල අකුරු ලිවීම හෙවත් අතින් ලියන ආකාරය අද වෙනස් වී ඇති නිසා භාවිත නොවන ක්‍රමයකට ලියන්නට ඉගැන්වීම සැලකිය යුත්තේ යල්පැනගිය ක්‍රමයක් ලෙසිනි. අද භාවිත වන අකුරු වල හැඩය, දිග - පළල ආදියෙහි ප්‍රායෝගික නම්‍යශීලී වෙනස්වීම් ඔස්සේ අතින් ලියන්නා වූ ක්‍රමය ද පැහැදිලි ව ම වෙනස් වී ඇති හෙයින් ඒ ආකාර ව අකුරු ලියන ක්‍රමවේදය ඉගැන්වීම යාවත්කාලීන විය යුතු ම බව පෙනේ.
සිංහල අකුරු වල ආරම්භක ගැටය හෙවත් බිංදුවක් මෙන් ලිවීමෙන් පටන් ගන්නා තත්වය කිසි ම ආකාරයකින් අත්අකුරු පිළිබද ප්‍රමිතියකට හේතුවක් වී නැත. එසේ ම 'හ'යන්නේ දෙවැනි භාගය පහතින් ලිවිය යුතු ය යන්න වැනි අවස්ථා ද අකුරු ලිවීමේ දී ප්‍රායෝගික වන බවක් කිසි සේත් ම දකින්න ට නො ලැබේ. එය ජ්‍යාමිතික අකුරු නිර්මාණයේ දී ද ගැටලුකාරී වෙයි. ඇදය පහතින් යෙදීම ද මෙසේ ම ය. රේපය අද අනවශ්‍ය සලකුණක් වුවත් එය ලියන්නේ නම් එදා ලියූ පරිදි මුල් අකුර කපාගෙන යන ලෙස ලිවීම ප්‍රායෝගික නො වේ. එවිට නියමිත අකුර හඳුනා ගන්නට පවා අපහසු වන අවස්ථා දකින්නට හැකි ය.