‘ඉසිවර’ අකුරු පිරික්සනය සිංහල භාෂාවේ උන්නතියට ඉතා මහඟු මෙහෙවරක් කරයි. ඒ මඟින් සිංහල භාෂාවට ලැබෙන විසදුම් කිහිපයකි.

1. මිලියන ගණනක් වන සියලු ම සිංහල වචන වල අක්ෂර වින්‍යාසය සම්මත කර නිරවුල් කර දීම.
2. සියලු වචන වල ණනළල නිරවුල් කර දීම.
3. සිංහලයේ මහා අවුලක් කර ඛෙන ඇති ‘පද බෙදීම’ සරල ලෙස විසදා දීම.
4. සාවද්‍ය යෙදුම් ඉවත් කර ඇති හෙයින් ඒ පිළිබඳ නිවැරදි සම්මතයක් ඇති වීම.
5. අද යුගයට හෙවත් පරිගණක තාක්ෂණික යුගයට ගැළපෙන භාෂාමය වෙනස්කම් සිදු කර ඇති බැවින් වඩා ප්‍රායෝගික වීම.

 

‘ඉසිවර’ ණනළල පිරික්සනය මඟින් ඔබට කවර වචනයක වුවත් නිවැරදි ණනළල සොයා ගැනීමට හැකි ය. අදාළ වචනය ටයිප් කරන විට ම නිවැරදි අක්ෂර වින්‍යාසය දර්ශනය වනු ඇත.

 

සිංහල ලියවිලි, ලැයිස්තු, සිංහල අකාරාදියට සකස් කර ගැනීමේ පරිගණක මෙවලම ‘ඉසිවර’ අකාරාදිය යි. අකාරාදි පිළිවෙළට සකස් කර ගත යුතු කවර ලියවිල්ලක වුව ද ක්ෂණයෙන් ඒ කාර්යය ඉටු කර දීමට ‘ඉසිවර’ අකාරාදිය සමත් ය. විවිධ ආකාර වූ නම් ලැයිස්තු, බඩු ලැයිස්තු, අකාරාදි ගත කළ යුතු කරුණු අඩංගු ලිපි ලේඛන, අනුපිළිවෙළට සකස් විය යුතු වෙළෙඳ දැන්වීම් ආදි සියලු ලේඛන වල අකාරාදිය එක් විධානයකින් සකස් කර දීමට ඉසිවර අකාරාදියට හැකියාව ඇත.
පහළට තිබෙන පේළි අනුව මෙන් ම, එක ම පේළියේ හරස් අතට ද ඒ පේළියේ අවසානය දක්වාමත් අකාරාදි පිළිබඳ පරීක්ෂා කර සකස් කර දීමට සමත් ය. උඩ සිට යටට ද යට සිට උඩට ද පිළිවෙළ සකස් කළ හැකි ය.

අනාගත පරම්පරාවට වග කීම
අනාගත භාෂා ප්‍රේමීන් බිහි කිරීම
අනාගත වාක්‍ය කීම
අනාගතය දැකීම
අනාගතය විස්තර කිරීම
අනාගතයට වැඩදායක වීම

 

සිංහල පොත් අන්තර් ජාලය ඔස්සේ කියවීමට මේ මගින් හැකියාව ලැබේ. ඊ පොත් ගොනුවේ ඇති ඔබ කැමති පොත වෙබ් අඩවිය මගින් හෝ ටැබ්ලට් මෙවලම් ඔස්සේ හෝ ජංගම දුරකථන ඔස්සේ වුව ද ලබා ගැනීමට හැකි ය. ඔබේ මෙවලම කුමක් වුවත් අපේ තාක්ෂණය ඔස්සේ එය නියම මුද්‍රිත පොතක් සේ ම නිරවුල් සහ සුන්දර ලෙස දර්ශනය වෙයි.