දිවයිනේ ඇති අංග සම්පූර්ණ එක ම පරිගණක සිංහල අක්ෂර මාලාව වන මෙය, මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම මාධ්‍ය ආයතන, දැවැන්ත ම පොත් ප්‍රකාශකයන්, වෙළෙඳ ප්‍රචාරක ආයතන සහ රජයේ කාර්යාල විසින් භාවිතයට ගනු ලැබේ.

වින්ඩෝස් 98, වින්ඩෝස් 2000, වින්ඩෝස් XP, වින්ඩෝස් 7 සහ ඇපල් මැකින්ටොෂ් යන පරිගණක පද්ධති සියල්ලේ ම ක්‍රියාත්මක වන මේ අක්ෂර මාලාව පී.සී පරිගණක සඳහා ඔබේ පරිගණකයට ඇතුළත් කර ගැනීමේ කාර්යය, ඔබ වෙනුවෙන් පමණක් ම නිපදවූ සී. ඩී. තැටියක් මඟින් ඉතා පහසුවෙන් ඔබට ම කර ගැනීමට හැකි වන අයුරින් තාක්ෂණික වර්ධනයක් ද ලබා ඇත.
ඉසිවර අක්ෂර මාලාව ඔබ මිල දී ගත් අවස්ථාවේ ඇතුළු කළ පරිගණකය හෝ පරිගණකවලට මිස වෙනත් පරිගණකයකට හෝ පරිගණකවලට මාරු කිරීම කිසි සේත් ම (තාවකාලික ව හෝ) කළ නො හැකි ය. ලියවිල්ලක් මුද්‍රණය කිරීමට මුද්‍රණ යන්ත්‍රය, අක්ෂර මාලාව ඇතුළු කළ පරිගණකයට ම සම්බන්ධ කර තිබිය යුතු වේ. අක්ෂර මෝස්තර ප්‍රවාහනය (Diskette,CD, DVD, Flash Drive, Extra Hard Disk මඟින්) කළ නො හැකි ය. පොසිටිව් ගැනීම වැනි පිටතින් කර ගැනිය යුතු කාර්යයක් සඳහා අකුරු අවශ්‍ය නො වන ආකාරයකට (කර්ව් කිරීම) සකස් කොට යැවිය යුතු වෙයි. අද පවතින මෘදුකාංග පිටපත් (Software Versions)සඳහා පමණක් වලංගු වෙයි. ක්වාර්ක් එක්ස්ප්‍රස් (Quark Express)හි ක්‍රියාත්මක නො වේ. Adobe CS- 5දක්වා පමණයි. තමන් ක්‍රියාත්මක වන පරිගණක වර්ගය සහ මෘදුකාංග මුලින් ම දැනුම් දෙන්න. ඔබ පරිගණකයෙන් සිංහලෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට ගැළපෙන මෘදුකාංග පිටපත් දැන ගෙන ඒවා පමණක් භාවිත කරන්න. දිනෙන් දින එකතු වන මෘදුකාගෙ පරිගණකයට ඇතුළත් කර ගෙන පැමිණිලි නො කරන්න. Server සමඟ Network කිරීමේ දී ගැටලු මතු විය හැකි ය. ඉදිරියේ දී පිටරට වලින් පැමිණෙන වින්ඩෝස් පද්ධතියක හෝ මෘදුකාංගයක ක්‍රියාත්මක නො වීමට ඉඩ ඇත. ‘ඉසිවර’ ඒ සඳහා අලුත් වන තෙක් පැරණි ක්‍රමයක කටයුතු කර ගෙන යෑමට ඔබට සිදු වන බව පැහැදිලි ව තේරුම් ගෙන භාවිතයට එළඹෙන්න. සිංහලෙන් වැඩ කිරීම මූලික පරමාර්ථය බවට ඔබේ පරිගණක ඉංජිනේරුවන් දැනුවත් කර තබන්න.

ඔබේ ඇණවුම ලැබුණු විගස ඊට අදාළ සී.ඩී. තැටි නිපදවනු ලබන අතර, අදාළ මුදල ගෙවීමෙන් පසු ඒවා රැගෙන යෑමට ඔබට හැකි ය.

අක්ෂර මාලාව සහ මෘදුකාංග මිල දී ගැනීමට පෙර සම්පූර්ණයෙන් සෑහීමට පත් වීමට වග බලා ගන්න. ඒවා ක්‍රියාත්මක වන ආකාරයට භාවිත කළ යුතු වනවා මිස වරින් වර ඔබට අවශ්‍ය වන ආකාරයට වෙනස් නො කෙරෙන බව මෙයින් දැනුම් දෙමු.