සියලු ම සිංහල අකුරු වල හැඩ නිවැරදි ව නිර්මාණය කර ඇත.
 කුඩා වීමේ දී අකුරු හඳුනා ගැනීමේ අපහසුව නිරවුල් කර ඇත.
      උදා - ව, ච, හ, භ, ප, ජ, ඡ

 හල් කිරීම ඉතා පැහැදිලි වීම සහ එක ම යතුර මඟින් විවිධ හල් අකුරු ලබා ගැනීමේ හැකියාව
  උදා - ප්, ජ්, න්, ර්, ම්,
ව්, ඡ්   
 ඉස්පිලි, පාපිලි පැහැදිලි ව, එහෙ මෙහෙ නොයා නිශ්චිත ව ස්ථාන ගත වීම. දිර්ඝ පාපිල්ල කුඩා                    වුවත් මනා ව හඳුනා ගත හැකි වීම.
 රකාරංශය නිවැරදි ආකාරයෙන් තිබීම
      උදා - ප්‍ර, ක්‍ර,
ත්‍ර, ද්‍ර
 සඤ්ඤක අකුර ඉතා පැහැදිලි ව තිබීම
      උදා - ඟ, ඬ, ඥ, ඤ

 ඣ, ඣි, ඣි, ධෙ, ධිෙ, වෙ, විෙ, ඏ, ඐ ආදි අකුරු ද ඇතුළත්.
 ඥා, ඤා, ඤු, ඤූ, ශ්‍රී ආදි අකුරු තනි අකුරු ලෙසින් තිබීම.
 උස අකුර සඳහා වෙනම රේපයක් (ර්‍ව, ර්‍ම, ර්‍ධ)
 ඊ අකුර නිවැරදි ස්වරූපයෙන් තිබීම
 බිංදුව සැම මෝස්තරයක ම පැහැදිලි ව පෙනෙන පරිදි එක ම අනුපාතයකට හා නිශ්චිත ස්ථාන ගත කිරීමක තිබීම.
 තනි සහ යුගල උද්ධෘත කොමා, පහසු මෙන් ම එක ම යතුරකින් ක්‍රියාත්මක වීම (‘ ’, “ ”)
 සඤ්ඤක අකුරක් සදා ගැනීම සඳහා පහසු යතුරක වෙනම පිල්ලක්
 වැඩි දියුණු කළ නව ‘ඉසිවර’ යතුරු පුවරුව
 පොයින්ට් 4 සිට 650 දක්වා විශාල කළත් අකුරේ තියුණු බව වෙනස් නො වේ. කඩතොලු නැත.
 මෘදුකාංග වල ඇති සියලු ප්‍රයෝග යෙදිය හැකි ය.
      උදා - ඇල කිරීම, යටින් ඉරි ඇඳ
ීම,

 
     
   
   
     
 

 1. මූලික වශයෙන් විජේසේකර යතුරු පුවරුව (ටයිප් රයිටරය සඳහා භාවිත කළ) අනුගමනය කර ඇත. එහෙත් පරිගණකය සතු උපරිම පහසුකම් ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි වැඩි දියුණු කර ඇත. පරිගණක යතුරු පුවරුවේ ඇති සාමාන්‍ය යතුරු සහ Shift යතුරු පමණක් භාවිත කරමින් සිංහල හෝඩියේ ඇති සියලු අකුරු ටයිප් කළ හැකි ය. (Alt යතුරු හෝ Control යතුරු කිසි සේත් ම අවශ්‍ය නො වේ.)

2. උද්ධෘත කොමා දෙක (‘ ’, “ ”) සඳහා මින් මතු එක් එක් ආකාර යතුරු එබීම අවශ්‍ය නො වේ. එක ම යතුරකින් මේ කොමා ඇරීම සහ වැහීම සිදු වේ. ඔබට එය ඇරෙන්නට උවමනා තැන දී එය ඇරෙන (“) අතර වහන්නට උවමනා තැන දී ඒ යතුර ම එබූ විට වැහීම (”) සිදු වේ.

3. සාමාන්‍ය අකුරකට පසු ව වුව ද නොයෙදෙන පිලි ඇත. පැරණි යතුරු පුවරුවේ දී ක්‍රියාකරු ගේ අත්වැරැද්දෙන් එවැනි වැරදි අකුරු ටයිප් වීම සිදු වේ. උදා - ඔා, ඕැ ආදි වශයෙන්. නව යතුරු පුවරුවේ දී එවැනි වැරදි අකුරු ටයිප් වන්නේ නැත.

4. පිල්ලක් සහිත අකුරකට පසු කිසි සේත් ම නැවත ඒ පිල්ල හෝ වෙනත් පිල්ලක් වැරදි ලෙස ටයිප් නො වේ. (‘සු’ යයි ටයිප් කළ පසු එයට ‘ස්ු’ යනුවෙන් වැරදි එකතු කිරීමක් කිසි විටක සිදු නො වේ.) ක්‍රියාකරු වැරදි යතුරක් එබූ විට කිසිවක් ටයිප් නො වන අතර, ‘බීප්’ හඬක් මඟින් ක්‍රියාකරු ගේ වැරැද්ද මතක් කරනු ලැබේ. මේ අංගය නිසා පරිගණක ක්‍රියාකරවන්නන් අතින් සිංහල ටයිප් කිරීමේ දී සිදු වන වැරදි බොහොමයක් මින් පසු ඇති නො වේ.

5. රකාරංශය සහිත අකුරු වල දී (බ්‍රි, ඩ්‍රි, ජ්‍රි, ට්‍රි) ක්‍රියාකරු මුලින් ‘බි’ ටයිප් කර ඉන් පසු රකාරංශය යෙදීම පැවැති ක්‍රමය යි. එහෙත් වැරදීමකින් ඉස්පිල්ල නොමැති ව ‘බ්‍ර’ ටයිප් වුව හොත්, රකාරංශයත්, ‘බ’යන්නත් දෙක ම මකා නැවත ටයිප් කළ යුතු විය. එහෙත් නව යතුරු පුවරුවේ දී එසේ කිරීම අවශ්‍ය නැත. ‘බ්‍ර’ ළඟට ඉස්පිල්ල ටයිප් කළ විට ‘බ්‍රි’ ලැබේ.
ඩ්‍ර +  ි = ඩ්‍රි,   ජ්‍ර +  ි = ජ්‍රි,   ට්‍ර + පි = ට්‍රි වශයෙනි.
6. පිලි භාවිතයේ දී, සියලු අකුරු සඳහා න්‍යායානුකූල ව එක් පිල්ලක් සඳහා එක් යතුරක් පමණක් භාවිත කෙරේ.
උදා - 1. ස +  ු :ු— = සු ආකාරයට,
           ව +  ු = වු,   ද +  ු = දු,   ල +  ු = ලු,   ර +  ු = රැ,   ළ +  ු = ළු,   ක +  ු = කු, 
           ත +  ු = තු,   ඛ +  ු = ඛු,   ශ +  ු = ශු වශයෙනි.
    
     2. ස + ැ :ැ— = සැ ආකාරයට,
           ව + ැ = වැ,   ක + ැ = කැ,   ර + ැ = රැ වශයෙනි.
    
     3. ස + ් :්— = ස් ආකාරයට,
           ක + ් = ක්,   ව + ් = ව්,   ජ + ් = ජ්,   ර + ් = ර්,   එ + ් = ඒ වශයෙනි.
    
     4. ස +  ්‍ර :‘— = ස්‍ර ආකාරයට,
           ව +  ්‍ර = ව්‍ර,   ක +  ්‍ර = ක්‍ර,   ද +  ්‍ර = ද්‍ර වශයෙනි.
    
     5. ස +  ි :ි— = සි ආකාරයට,
           ප +  ි = පි,   ව +  ි = වි,   ර +  ි = රි,   ජ +  ි = ජි වශයෙනි.

7. ඉස්පිල්ල, පාපිල්ල, රකාරංශය, හල් කිරීම සහ රේඵය භාවිතයේ දී ක්‍රියාකරු එක ම යතුර එබුව ද ඒ ඒ අකුරට සරිලන දිග පළලින් හා හැඩයෙන් යුතු ඉස්පිල්ලත්, පාපිල්ලත්, රකාරංශයත්, හල් කිරීමත්, රේඵයත් ලැබේ.
උදා - 1. ස +  ි :ි— = සි ආකාරයට,
          ප +  ි = පිි,   ද +  ි =  දි,   ක +  ි = කි,   න +  ි = නි,   ඛ +  ි = ඛි,   හ +  ි = හි වශයෙනි.
    
     2. ස +  ු :ු— = සු ආකාරයට,
          ප +  ු = පු,   ට +  ු = ටු,   ්‍ය +  ු = ්‍යු,   ණ +  ු = ණු වශයෙනි.
    
     3. ස +  ්‍ර :‘— = ස්‍ර ආකාරයට,
          ප +  ්‍ර = ප්‍ර,   ට +  ්‍ර = ට්‍ර්‍ර, ක්‍ධ +  ්‍ර = ක්‍ධ්‍ර වශයෙනි.
    
     4. ස + ් :්— = ස් ආකාරයට
          ප + ් :්— = ප් ,   ල + ් = ල් ,   ද + ් = ද්   වශයෙනි.
    
     5. ප +  ර්‍ :ඬ— = පර්‍ ආකාරයට,
          ඛ +  ර්‍ = ඛර්‍,   ක +  ර්‍ = කර්‍,  ව +  ර්‍ =  වර්‍,  ම +  ර්‍ = මර්‍ වශයෙනි.

8. ක්‍ , ත්‍ , න්‍ , යන අකුරු කොටස් සඳහා වෙන ම යතුරු වලට යා යුතු නැත.
              ක +  a (A) + ෂ = ක්ෂ මෙන්,
              ක +  Shift  a (A) + ෂ = ක්‍ෂ වෙයි.
              ත +  Shift  a (A) + ව = ත්‍ව වෙයි.
              න +  Shift  a (A) + ද = න්‍ද වෙයි.

9. ඤ, ඥ පැරණි ආකාරයට ම තනි අකුරු ලෙස තබා ඇත. අනෙක් සඤ්ඤක අකුරු සියල්ල න්‍යායානුකූල ව මුලින් සඤ්ඤක යතුර ඔබා දෙවනු ව අදාළ අකුර ටයිප් කිරීමෙන් ලැබේ. සඤ්ඤකය නිහඬ යතුරකි.
(Dead Key)
     උදා -  ෙ+ ද = ඳ ආකාරයට,
           ෙ+ ඛ = ඟ,  ෙ+ ඩ = ඬ වශයෙනි.

     10. සඤ්ඤකය භාවිත කිරීමෙන් පැරණි වෙ, ධෙ ආදි අකුරු ද ලබා ගත හැකි ය.
     උදා -  ෙ+ ව = වෙ,  ෙ+ ධ = ධෙ වශයෙනි.
11. මහාප්‍රාණ ‘ජ’ යන්න (ක්‍ධ), ජ යන්නේ Shift යතුරට එක් කර ඇත. ඒ අනුව,
          Shift ජ :ක්‍— = ඣ, ඣ  +  ි = ඣි වශයෙනි.

12. රකාරංශය බහුල ව භාවිත වන නිසා පිලි සියල්ල සහිත ප්‍රදේශයට ගෙනෙන ලදි.

     13. ‘ශ්‍රී’ අකුර තනි අකුරක් ලෙස ඉතා පහසුවෙන්  හල් කිරීම එබීමෙන් ලබා ගත හැකි ය. වෙනත් අකුරක් සමඟ එබූ විට එය හල් කිරීම වෙයි.

14. රේඵය භාවිතයේ දී කොට සහ උස අකුරු සඳහා රේඵය නිවැරදි ව ටයිප් නො වීම මෙතෙක් පැවැති බාධකයකි. මෙහි දී එය සම්පූර්ණයෙන් ම මඟ හැරී ඇත.
     ප +  ර්‍ = ර්‍ප,   ම +  ර්‍ = ර්‍ම වශයෙනි.

15. විස්මයාර්ථය (!) ඉතා පහසු වන ලෙස Shift හල් කිරීම ට යොදා ඇත.

     16. එකතු කිරීම +, බෙදීම ÷, ඍණ ලකුණ -, සමාන ලකුණ = , වැඩි කිරීම *,

සියේට ලකුණ %, අංශක ලකුණ °, තරු ලකුණ *, සාමාන්‍ය වරහන () මෙන් ම සඟල වරහන {} ද පහසු යතුරු වලට යොදා ඇත.